Pages

Thursday, May 25, 2017

Isuru Linux Workshop for ISA & HW Team

දකුණූ පලාතේ පාසල් තුල ඉසුරු ලිනක්ස් ප්‍රචලිත කිරිමටත් සිසුන් සදහා වැඩමුළු පැවැත්වීමටත් පලාත් තොරතුරු තාක්ෂන අධ්‍යක්ෂ K.A. කරුනාතිලක මහතා ප්‍රමුඛතාවත් ලබා දීමට අදහස් කොට ඇත.ඒ සදහා හම්බන්තොට හා මාතර දිස්ත්‍රික් වල ගුරු උපදේශකරුන් ,පරිගණක  සම්පත් මධ්‍යස්ථාන භාරකරුවන් හා දෘඩාංග කමිටු සාමාජිකයන් සදහා වැඩවමුළුව තලල්ල දකුන මහා විද්‍යාලයේදි මැයි මස 25,26,27 දිනයන්හි පැවැත්වේ.මෙහි මූලිකය අරමුන පාසල් ක්ෂේත්‍රය හරහා සිසුන් සදහාත් කාර්යාල සදහාත් ඉසුරු ලිනක්ස් පුහුණුව ලබා දි නිදහස් මෘදුකාංග භාවිතය ප්‍රචලිත කිරිමයි.






Tuesday, May 23, 2017

2016 OL ICT Result

2016 වසරේ අප කලාපයේ සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂන ප්‍රථිඵල ඉතා ඉහල මට්ටමක පවතී.එමෙන්ම එය 2015 වසර වඩා වැඩි වීමක්ද වේ.පහත දැක්වෙන්නෙ එම ප්‍රථිඵලයි.මේ සිය වගකීම් නිසි ලෙස ඉටු කළ අප කලාපයේ සියළු තොරතුරු තාක්ෂන ගුරුවරුන්ට හදපිරි ස්තුතිය මින් පිරි නමමු.

Sunday, May 21, 2017

ගුරු තත්ව කවය 2017

අප කලාපයේ තොරතුරු තාක්ෂන ඒකකය විසින් ලබන මස පැවැත්වීමට අදහස් කර ඇති 11 ශ්‍රේණියේ සිිසුන් සදහා වු ශීෂ්‍ය කදවුරු පිළිබද  සාකච්ඡා කිරිම සදහා කැදවු ගුරු තත්ව කවය යටියන මහා විද්‍යාලීය පරිගණක ඒකකයේදි පැවැත්වුණි.ඒ සදහා කලාපයේ තොරතුරු තාක්ෂන ගුරු උපදේශකවරු සහ අධ්‍යක්ෂතුමිය වන කලනි ජයසේකර මහක්මියද සහභාගි වුනි.මෙහිදි ශීෂ්‍ය කදවුර සදහා අදලා මාතෘකා ගුරුවරු විසින් ලබා ගත් අතර අද දින ඒක එක් ඒකක සදහා අන්තර්ගතයන් සැකසිමද ඒවා ඉදිරිපත් කිරිමද සිදු වුනි.

Saturday, May 20, 2017

Teachers Details

අප කලාපයේ තොරතුරු තාක්ෂන ගුරුභවතුන්ගේ දත්ත පාදකයක් සැකසීමේ අරමුණින් ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍යව ඇත.ඒ සදහා google form එකක් මෙම බ්ලොග් එක තුල ඇති contact පිටුව තුල ඇත(link එක දකුනු පස තීරුවේ ඇත).කරුනාකර ඒ වෙත පිවිස තොරුතරු ඇතුල් කරන මෙන් ඉල්ලමු.

Friday, May 19, 2017

තොරතුරු තාක්ෂන ශූරයන් තේරීමේ තරගාවලිය 2017

මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂන විෂය හදාරන සිසුන් අතර විෂය තව දුරටත් ප්‍රචලිත කිරිමේ අරමුනින තරගාවලියක් සංවිධානය කරන ලදි.කලාප තොරතුරු තාක්ෂන අධ්‍යක්ෂතුමිය වන කලනි ජයසේකර මහත්මියගේ අදහසක් අනුව මෙය ක්‍රියාවට නංවන ලදි.එහිදි පලමුව 9,10 සහ 11 ශ්‍රේණි සදහා ලිඛිත පරීක්ෂනයක් පවත් වන ලද අතර එහිදි එක් එක් ශ්‍රේණි වල ඉහලම ලකුණු ලැබු සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂනයක් පවත්වන ලදි.එම පරීක්ෂනය පසුගියදා තිහගොඩ ජාතික  පාසලේ පරිගණක ඒකකයේදි සහ යටියන මහා විද්‍යාලීය පරිගණක ඒකකයේදි පවත්වන ලදි.පහත දැක්වෙන්නේ එම අවස්ථාවන්හිදි ගත් ජායාරුප එකතුවකි.
නුදුරේම මෙම පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ගන්නා සිසුන් අතරින් ජයග්‍රාහකයන් තොරා තෑගි පිරිනැමිමට කටයුතු යොදා ඇත.